2023 පෙබරවාරි 12 වන ඉරිදා

සැලසුමට අනුමැතිය ලැබුණු සැණින් IMF ණය එයි

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 40

දේශපාලන වාර්තාකරු I

දැනට ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබෙන විදේශ ණය නඩත්තු කළ හැකි ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සකස් කරන ලද සැලසුම ශ්‍රී ලංකාව හා ණය හිමි රටවල් විසින් පිළිගෙන අනුමැතිය ලබා දුන් පසු මෙරටට ණය නිදහස් කිරීම සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව මුල්‍ය අරමුදලේ පාලක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී ණය හිමි රටවල් මෙන්ම බැඳුම්කර ලබාගත් ජාත්‍යන්තර ණය හිමියන්ගේ මතය ද මුල්‍ය අරමුදල මගින් සලකා බැලෙයි. එම විදේශීය ණය සම්බන්ධව තීන්දුවක් ගත් පසු මුල්‍ය අරමුදලේ මුල්ම ණය වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් කෝටි 45 ක් හෙවත් මිලියන 450 ක් පමණ නිදහස් කෙරෙනු ඇත. ඉන් අනතුරුව මෙරට ණය කාර්ය සාධනය සලකා බලමින් සෙසු අරමුදල් ද නිදහස් කෙරේ. සම්පූර්ණයෙන් ඔවුන් ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය මුදල ඩොලර් කෝටි 290 කි. (ඩොලර් බිලියන 2.9 කි).