බත් පැකට්, ප්ලේන්ටී, කොත්තු, බේකරි නිෂ්පාදන, ඡායාපිටපත්, නිමි ඇඳුම්, සහල් මිල ගණන් ඉහළට
I ව්‍යාපාරික වාර්තාකරු
විදුලිය ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව භාණ්ඩ හා සේවාවන් රැසක මිල ගණන් විශාල ලෙස ඉහළ දැමෙන බව දැනටමත් නිවේදනය කර ඇත. මෙවර විදුලිය ගාස්තු වැඩිවීම 60%කි. මෙයට මාස 6කට පෙර 2022 අගෝස්තු මාසයේදී විදුලිය ගාස්තු 76%කින් ඉහළ ගියේය. මේ අනුව මාස 6ක් තුළ විදුලිය බිලේ නැගීම 142%කි.
ආහාරපාන අංශයේ බත් පැකට්, කෙටි කෑම, ප්ලේන්ටි, කොත්තු හා බේකරි නිෂ්පාදනවල මිල ගණන් 10%කින් පමණ මේ වනවිටත් ඉහළ දමා තිබේ. ඒ සමඟ නිමි ඇඳුම් නිෂ්පාදකයන් ප්‍රකාශ කර ඇත්තේ තම නිෂ්පාදන මිල 20%කින් ඉහළ දැමෙන බවයි. ඡායාපිටපත්වල මිල ගණන් එකක් රුපියල් 5කින් වැඩිකරන බව එම සේවා සපයන්නන්ගේ සංගමය පවසයි. ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයද ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් සපයන සේවාවන්හි මිල ගණන් වැඩි කිරීමට නියමිත වගය.
ආහාරපාන දවටන ආදියේ මිල ගණන්ද වැඩි කිරීමට නියමිත යයි දැනගන්නට තිබේ. එහෙත් ඒවායේ මිල ඉහළ දැමෙන ප්‍රතිශත මෙතෙක් නිවේදනය කර නැත. එසේම වී මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාන වියදමද ඉහළ ගොස් ඇති බැවින් දේශීය සහල් මිල ගණන් වැඩිවීමක් අපේක්ෂා කරන බව පාරිභෝගික සංගම් ප්‍රකාශ කර ඇත.