සුගත් පී. කුලතුංගආරච්චි I
වාහනවල එයාර් බෑග් පුපුරා ගොස් තුවාල හා මරණ සිදුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ එයාර් බෑග් ක්ෂණිකව පිම්බීම සඳහා යොදන රසායන ද්‍රව්‍ය අධික රස්නයට හා තෙතමනයට නිරාවරණය වීම බව මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ආචාර්ය චතුර රණසිංහ මහතා දේශයට පැවසීය.
එයාර් බෑග් පිපිරීම් නිසා තුවාල හා මරණ සිදුවීමත් සමඟ මෙරට ද එක් කාණ්ඩයකට අයත් එයාර් බෑග් සහිත වාහන ලක්ෂ 07කට ආසන්න ගණනක් නැවත කැඳවමින් පවතී. දිගු කාලීනව අධික තාපයට හා තෙතමනයට නිරාවරණය වීම නිසා මෙම වායු බෑග් ක්‍රියාත්මක වීමේදී හානිදායී ලෙස පුපුරා යා හැකි බව එම සිද්ධියට හේතු වූ එයාර් බෑග් නිෂ්පාදක සමාගම් ද මේ වන විට පිළිගෙන තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ එවැනි දෝෂ සහිත වායු බෑග් භාවිත කරන වාහන කාණ්ඩ 47ක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.