සංජීවිකා සමරතුංග I
විදුලිය ඒකකයක් නිෂ්පාදනය සඳහා ඉන්දියාව වැයකරන මුදල මෙන් සියයට සිය ගුණයකින් වැඩි වියදමක් ශ්‍රී ලංකාව විසින් දරන බව ඉන්දීය රජයේ බලශක්ති අමාත්‍යංශය මෑතකදී නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය. මෙම වාර්තාවට අනුව ඉන්දියාව විදුලිය ඒකකයක් නිෂ්පාදනය සඳහා වැය කෙරෙන මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ගත ෙහාත් එය රුපියල් 25ක් පමණය. එහෙත් ශ්‍රී ලංකාව එක් විදුලිය ඒකකයක් නිෂ්පාදනය සඳහා මේ වනවිට රුපියල් 52ක මුදලක් වැය කරයි.
ඉන්දියාවේ විදුලි නිෂ්පාදන වියදම විශාල ලෙස අඩුවීමටත් ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන වියදම 100%කින් පමණ වැඩිවීමටත් ප්‍රධාන හේතුව මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ගල්අඟරු හා ජලය බහුලව භාවිත කිරීමයි. මෙහිදී ඉන්ධන සහ ගල්අඟුරු සඳහා කරන වියදම අධිකය.
සුළං බලය හා සූර්ය බලයද ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළද එය ඉතා සුළු ප්‍රමාණයකි. එහෙත් ඉන්දියාව සිය විදුලි නිෂ්පාදන වියදම විශාල ලෙස අඩුකරගනු ඇත්තේ ඒ රට සූර්යබල ශක්තිය පරමාණුක බලය සුළං බලය හා ගල් අඟුරු ආදී බලශක්ති උත්පාදන මූලාශ්‍ර ගණනාවක් සමානුපාතිකව යෙදාගැනීම නිසා බව වැඩිදුරටත් වාර්තා වෙයි.