පන්දාහේ ටිකට්ටුව 36000යි
ව්‍යාපාරික වාර්තාකරු I
කොළඹ සහ ඇල්ල අතර ධාවනය කෙරෙන ඇල්ල ඔඩිසි දුම්රියේ ටිකට්පත් රුපියල් 5,000/-ක මුදලකට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලෙවි කරද්දී එක්තරා පෞද්ගලික සමාගමක් තමන්ගේ දුම්රිය සේවාවක් අරඹන බව පවසමින් එක් ටිකට් පතක් රුපියල් 36,000කට (අමෙරිකානු ඩොලර් 99)කට අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමක් අරඹා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබේ.
ලංකාවේ ජනප්‍රියම දුම්රිය ගමනාන්තයක් වන ඇල්ල දුම්රිය ස්ථානයට ගමන් කිරීම සඳහා මෙතරම් දැවැන්ත මුදලක් අය කරන බවට වන දැන්වීම දැනටමත් එම සමාගම අන්තර්ජාලය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
රජයේ දුම්රිය සේවාව පරිහරණය කරන දුම්රිය මාර්ගය හා සෙසු පහසුකම් ලබාගනිමින් මේ ආකාරයට සංචාරකයන් හා සෙසු මගීන්ගෙන් අධික මුදල් අය කරන පෞද්ගලික සමාගම් අරඹා ඇත්තේ රජයේ දුම්රිය සේවයටම සම්බන්ධ පිරිසක් බවද අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි. රජයේ දුම්රිය සේවයට සම්බන්ධ වෘත්තීය සංගම් දෙකක ප්‍රබලයන් මෙම නව සමාගම හරහා දුම්රිය මගීන්ගෙන් අධික මුදල් අය කිරිමට තැත් කිරීම බලවත් අසාධාරණයක් බව සංචාරක නියෝජිත ආයතන ද රජයට පෙන්වා දී තිබේ.