දේශපාලන වාර්තාකරු I
මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක් මගින් විකාශය කළ වැඩසටහන් කිහිපයකින් පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කර ඇතැයිද එමගින් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කඩකර ඇතැයි ද තීරණය කළ මැතිසබා වරප්‍රසාද කමිටුව අදාළ මාධ්‍ය ආයතනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයාට නිර්දේශ කර ඇතැයි දේශයට වාර්තා වෙයි.
මෙම සිද්ධියට අදාළ මාධ්‍ය ආයතනය 2022 නොවැම්බර් මස 24, 25 සහ 27 යන තෙදින තුළ විකාශය කර ඇති වැඩසටහන් ගණනාවක් වරප්‍රසාද කාරක සභාව පරීක්ෂා කරන ලද අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සහ නිරීක්ෂණ ද ලබාගෙන තිබේ.
ඒ අනුව එකී මාධ්‍ය ආයතනයට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියෝග කළ කාරක සභාව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ නීතිපතිවරයාට මෙම කාරණය යොමු කළ බව වරප්‍රසාද කාරක සභාව මේ ගැන නිකුත් කළ නිල වාර්තාවේ සඳහන්ය