I දේශපාලන වාර්තාකරු
සබරගමුව පළාත සඳහා වැඩබලන ආණ්ඩුකාරවරයෙක් ආණ්ඩුව විසින් පත් කරනු ලැබ සිටී. ඒ අනුව දැනට විදේශගතව සිටින සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දිවයිනට පැමිණෙන තෙක් ලබන ජූනි මස 4 දින දක්වා බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා සබරගමුවේ වැඩබලන ආණ්ඩුකාර ධූරයට පත්කර ඇත.
ආණ්ඩුකාර කොබ්බෑකඩුව මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු එම තනතුරින් ඉවත් කොට ඒ වෙනුවට නවීන් දිසානායක හෝ රංගේ බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාගෙන් කෙනකු ආණ්ඩුකාර ධූරයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.