I දේශපාලන වාර්තාකරු
ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා නීති විරෝධීව රත්රන් හා ජංගම දුරකතන තොගයක් ගෙනැවිත් නීතියෙන් දඬුවම් ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගෙන් ඒ සම්බන්ධව නිදහසට කරුණු විමසීමට කතානායකවරයා තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ දේශපාලන පක්ෂ ගණනාවක් කතානායකවරයාට මේ සම්බන්ධව කරන ලද පැමිණිලි සලකා බැලූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මන්ත්‍රී සබ්‍රිට එරෙහිව පියවර ගැනීමට පෙර රේගුවෙන් මෙම සිදුවීමට අදාළව නිල වාර්තාවක් කැඳවීමටත්, ඊට සමගාමීව මන්ත්‍රී සබ්‍රිගෙන් නිදහසට කරුණු විමසන ලෙසත් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මියට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.