I දේශපාලන වාර්තාකරු
'අස්වැසුම' සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහමුලින්ම විරෝධය පළ කරන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය. මෙම ක්‍රමය පැවති සමෘද්ධි ක්‍රමයට වඩා සාධාරණ නොවන බව පැවසූ මහ ලේකම්වරයා 1995 දී 20' ක්ව තිබූ දුප්පත්කම 2015 මහින්ද රාජපක්ෂ මහතා යහපාලන රජයට රට භාරදෙන විට 6' ක් දක්වා අඩුකර තිබුණේ සමෘද්ධි වැඩසටහන නිසා බවද පෙන්වා දුන්නේය.
අස්වැසුම ආරම්භ කිරීමත් සමඟ ලංකාවේ දැවැන්තම සංවර්ධන බැංකුවක් වන සමෘද්ධි බැංකුවට සහ එහි වත්කම්වලට සිදුවන්නේ කුමක්දැයි රජය රටට පැහැදිලි කළ යුතුය. දැනට රට පුරා සමෘද්ධි බැංකු ශාඛා 1100 ක් ඇති අතර ඒවායේ තිබෙන සමස්ත තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 200 ක් ඉක්මවයි.
මෙම සියලු ප්‍රශ්න නොවිසඳී තිබියදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම ගැන ද බරපතළ ගැටලු මතු වී ජනතා විරෝධයද එල්ල වී තිබේ. එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් පොහොට්ටුව පක්ෂයක් ලෙස විරෝධය පළ කරන්නේ යැයි මහලේකම්වරයා කීය. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදීද ඊට සහභාගි වූ මැති ඇමැතින් බහුතරය අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගත් ආකාරය ගැන දැඩි විරෝධය පළ කළහ.