I ගයාන් ගාල්ලගේ
රජයේ ගුරුවරුන්ගේ වැටුප් වර්ධකයෙන් ඉතිරි තුනෙන් දෙකක වැටුප් වැඩිවීම මෙවර අයවැයෙන් සිදුනොවුණහොත් සමස්ත ගුරුවරු වැඩවර්ජනයකට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිය මහතා දේශයට පැවසීය.
දැනට තුනෙන් එකක් පමණක් පසුගිය කාලයේ වැටුප් වැඩිවීමට එකතු වුණු බවත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ඉතිරි තුනෙන් දෙකද අනිවාර්යයෙන්ම වැටුපට එකතු විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ සඳහා මෙවර අයවැයෙන් ඊට මුදල් වෙන් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් වර්ජනයකට තල්ලු විය හැකි බවත් ඒ මහතා කීය.