2023 ජුලි 15 වන සෙනසුරාදා

මැතිසබයේ කමිටු ලොක්කකුට කතානායකගෙන් දෝස්මුරයක්

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

I දේශපාලන වාර්තාකරු

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ කමිටුවක සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කතානායකවරයාට ලැබුණු පැමිණිලි විමර්ශනය කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ සභාපතිවරයා කැඳවා ඔහුට අවවාද කර ඇතැයි  දේශයට වාර්තා වෙයි.

මෙම සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මැතිසබා කමිටු කාර්යාල සේවයේ නියුතු තරුණියන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ ගැන අදාළ සභාපතිවරයාගෙන් කතානායකවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු එම චෝදනා නොපිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ. අනතුරුව එකී සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි පිළිබඳව විස්තර කළ කතානායකවරයා කමිටු සභාපතිවරයාට අවවාද කරන ලද බව සඳහන් වෙයි.