I දේශපාලන වාර්තාකරු
ලබන 19දා මැතිසබයේ විවාදයට ගැනීමට නියමිත නව දූෂණ විරෝධී පනතේ සංශෝධන සම්බන්ධව මැති ඇමැතිවරුන් අතර මෙතෙක් එකඟතාවක් ඇතිවී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. පුළුල් බලතල සහිත නව දූෂණ විරෝධී පනත සඳහා පාර්ලිමේන්තු මැති ඇමැතින් රැසක් සංශෝධන ඉදිරිපත් කර ඇත.
මධුර විතානගේ, ගීතා කුමාරසිංහ, ශාන්ත බණ්ඩාර, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, චාමර සම්පත් දසනායක, එච්. තිලීපන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් රැසක් දැනටමත් මෙම පනතට සංශෝධන ඉදිරිපත් කළ මන්ත්‍රීහු වෙති.
පනතට අදාළ මෙම සංශෝධන නොපිළිගතහොත් එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මැතිසබා එකඟතාව ලබාගැනීම තවදුරටත් කල් යා හැකි බව සංශෝධන ඉදිරිපත් කළ මන්ත්‍රීවරයෙක් දේශයට ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය කලින් අනුමත කරන ලද සංශෝධන පමණක් ක්‍රියාවට නැංවීමට අධිකරණ අමාත්‍යවරයා ක්‍රියා කරමින් සිටින බවද මේ ගැන කරුණු දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.