I දේශපාලන වාර්තාකරු
දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් 12 ක ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍ර 12 ක් අක්‍රිය වී සේවයෙන් ඉවත් කර ඇතැයි දේශයට වාර්තා වෙයි. කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, හොරණ, කළුතර මහ රෝහල්, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල්, රත්නපුර මහ රෝහල, ජාතික දන්ත රෝහල යන රෝහල්වල ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍ර මෙලෙස බිඳවැටී ඇති යන්ත්‍ර බව වැඩිදුරටත් දැක්වේ.
මේ හැර කරවනැල්ල රෝහලේ ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍රය අර්ධ ක්‍රියාකාරිත්වයෙන් ඇතැයිද වාර්තා වෙයි. ශරීර අභ්‍යන්තර රුධිර වහනය, හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ ප්‍රතිකාර, පිළිකා රෝග තත්ත්ව හඳුනා ගැනීම වැනි කටයුතු සඳහා සී.ටී. ස්කෑන් යන්ත්‍ර අත්‍යවශ්‍ය වෙයි. මෙයට අමතරව දිවයිනේ රෝහල් 13 ක ස්ථාපිත කර ඇති එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 13 න් තුනක් දැනට අක්‍රිය වී ඇත.
මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය පසුගිය මැයි මස 26දා සිට අක්‍රිය තත්ත්වයේ පවතී.
මෙම තත්ත්වය නිසා රෝගීන් බරපතළ අවදානමකට ලක්වන අතර පෞද්ගලික අංශයෙන් රුපියල් ලක්ෂ ගණන් ගෙවා මෙම පරීක්ෂණ සිදුකර ගැනීමට ඔවුනට සිදුව තිබේ. මේ කනගාටුදායක තත්ත්වය සම්බන්ධ බී.බී.සී. ලෝක සේවයද විශේෂ වාර්තාවක් පළ කර තිබිණි.