2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

සජබ සන්ධානය දැන්ම නැහැ

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

I ගයාන් ගාල්ලගේ

සමගි ජනබලවේගය මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දේශපාලන සන්ධානය මැතිවරණයක් ආසන්නය තෙක් කල් දැමීමට තීන්දු කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

එක් එක් පක්ෂ සහ කණ්ඩායම් අතර ගැටලු ඇතිව ඇති බැවින් මේ මොහොතේ සන්ධානයක් සැකසීම ගැටලු සහගත බව බහුතර සියලුදෙනාගේ මතය වූ බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පක්ෂවල සිටින එක් එක් මන්ත්‍රීවරුන් සමඟ වෙන වෙනම කතා කිරීමේ ක්‍රමවේදයක් සකස් කොට ඇති බවත් මැතිවරණයක් සමීපයේ මේ සියලු දෙනාම එකම වේදිකාවකට කැඳවා සන්ධාන ගතවන බවත් එම මන්ත්‍රීවරයා කීය.