2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ඩෙංගු වසංගත අවදානම ඉහළට

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

සුගත් පී. කුලතුංගආරච්චි I

සැප්තැම්බර් මුල් සතියේ පමණක් ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ. අගෝස්තු මාසය තුළ 5.189ක් වූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වනවිට පවතින වර්ෂාධික තත්ත්වය හේතුවෙන් සැප්තැම්බරයේ අග වනවිට සමස්ත රෝගීන් ගණන වාර්තාගත ඉහළ අගයකට පත්විය හැකි බව ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

පසුගිය වසර හා සසඳා බලද්දී පසුගිය ජූලි මාසය වනවිට සමස්ත ඩෙංගු රෝගීන් ගණන 60,000 ඉක්මවා තිබූ අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව දෙගුණයක වැඩි වීමකි. මේ අසාමාන්‍ය වැඩිවීමත් සමග රටේ ඩෙංගු රෝගී තත්ත්වය 2017දී මෙන් වසංගත තත්ත්වයක් කරා වර්ධනය වීමේ අවදානමක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.