2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ෆොන්සේකා සහ චම්පික ලන්සා සමඟ සාකච්ඡා

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 131

දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම කතානායකයා ලෙස පෙනී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සමඟ ස.ජ.බ. සභාපති සරත් ෆොන්සේකා සහ ජනරජ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනපතිවරණය හා මහ මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බව දැනගන්නට තිබේ. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මෙම හමුවීම් දෙක සිදුවූ බව වාර්තා වෙයි.

මේ හැර ශ්‍රීල.නි.ප. නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟද ඉදිරියේදී එකඟතාවක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බව ඒ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. කවර තත්ත්වයක් යටතේවත් ශ්‍රීල.නි.ප.යේ මන්ත්‍රීන් තනි තනිව තමන් ගොඩනගන දේශපාලන සන්ධානයට එක්කර නොගැනීමටද ලන්සා කණ්ඩායම තීන්දුකර ඇත. දැනටමත් ලන්සා පිල ලිබරල් පක්ෂය අත්පත් කරගෙන නව දේශපාලන ගමනක් ආරම්භ කර තිබේ.