2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

සීනි පාලන මිල අද හෙටම අවසන්

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:01 116

යසවර්ධන රුද්රිගූ I

දැනට රජය සීනිවලට පනවා ඇති උපරිම සිල්ලර මිල තව දින දෙක තුනකින් පසු ඉවත් කිරීමට සිදුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර පවසයි.

සීනි කිලෝවකට පනවා තිබූ ශත 25ක ආනයන බද්ද පසුගිය 01දා මධ්‍යම රාත්‍රියේ සිට රජය මගින් රුපියල් 50 දක්වා ඉහළ නැංවූ අතර මිල ඉහළ යාම වළක්වාලීම සඳහා පසුගිය 3දා සිට උපරිම සිල්ලර මිලක් ද ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 275ක්ද, දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 330ක්ද විය.

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර දේශයට පැවසුවේ දැනට වරායේ රඳවා තබාගෙන ඇති සීනි කන්ටේනර්වලට අලුත් ආනයන බද්ද ගෙවන්නට සිදුවන අතර ඒවා වෙළෙඳපොළට පැමිණි වහාම උපරිම මිල ඉවත් කර ගැනීමට රජයට සිදුවන බවය.

සීනි බද්ද ඉහළ නැංවූ ඇසිල්ලේ සිටම රුපියල් 260 – 270ට අලෙවි කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 300 – 320 දක්වා ඉහළ නැග තිබුණි. උපරිම සිල්ලර මිල පැනවීමෙන් පසු තොග සහ සිල්ලර වෙළෙන්දන් සීනි තොග සැඟවීම නිසා මේ වන විට රට තුළ සීනි හිඟයක් නිර්මාණය වී තිබේ. වෙළෙඳුන් බලාපොරොත්තු වන්නේ තමන් අත ඇති තොග සඟවා තබාගෙන නව මිලට සීනි අලෙවිය ආරම්භ කළ පසු වැඩි මිලට අලෙවි කිරීමට බව දැනගන්නට තිබේ.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01