දේශපාලන වාර්තාකරු I
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම ඉදිරි අයවැය යෝජනාවලින් පසුව සිදුකෙරෙනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර ඇතිකරගත් ගිවිසුමට අදාළ අයවැය යෝජනා පරීක්ෂා කිරීමෙන් පසු ණය නිදහස් කිරීමට මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි. එහෙත් අයවැයේදී මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආදායම් ඉලක්ක සම්පූර්ණ වන බව තහවුරු කළ යුතුව ඇතැයි ද වාර්තා වෙයි.
ඊට අමතරව තවමත් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ලේඛන මූල්‍ය අරමුදලට ලැබී නොමැති බැවින් ඒවාද රජයේ අයවැය ලේඛනයට සමගාමීව ලැබුණහොත් දෙවැනි ණය වාරිකය ඉදිරි මාසය වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මෙවර ණය වාරිකය ලෙස ලැබීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 330 කි.