ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI
ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් අවම වීම සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ආයෝජකයන්ගේ ආදායම මේ වන විට 25%කින් පමණ පහත වැටී ඇතැයිද, ඇතැම් දේශීය ආයෝජකයන් වෙනත් රටවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින්නේ යැයිද නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට ප්‍රකාශ කළේය.
ඇණවුම් අවම වීමට අමතරව විදුලි බිල ඇතුළු වෙනත් පිරිවැය විශාල ලෙස ඉහළ ගියද එයට සරිලන මිලක් නොලැබීම ආයෝජකයන්ගේ ආදායම පහත වැටීමට බලපා තිබේ. බොහෝ රටවල් ඉතා අඩු මිලට සේවා සැපයීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට වෙනත් රටවල් සමඟ තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.