2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

රාජපක්ෂලා ජාතියෙන් සමාව ගන්න ඕනෑ - සජබ මහ ලේකම්

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

 දේශපාලන වාර්තාකරු I

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් රට බංකොලොත් කිරීමේ වගකීම භාරගෙන රාජපක්ෂවරුන් දැන්වත් ජාතියෙන් සමාව ගත යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

රට බංකොලොත් කොට ජනතාව මහමඟට ඇද දැමීමේ වගකීමෙන් මිදීමට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ඔවුන්ගේ නඩයට හැකියාවක් නැත. සිය පක්ෂයේ විද්වතුන් මෙම සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගොස් යථාර්ථය රටට හෙළි කිරීම නිසා එහි ගෞරවය සමගි ජනබලවේගයට හිමිවිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

රට බංකොලොත් කොට ආර්ථිකය බින්දුවට බැස්සවූයේ පොහොට්ටු පාලකයන්ගේ අදූරදර්ශී අත්තනෝමතික වැඩපිළිවෙළ හේතුවෙනි. මෙම හිතුවක්කාර දූෂිත වැඩපිළිවෙළ නිසා රටේ මිලියන 22ක ජනතාව කබලෙන් ලිපට ඇද දැමීම රාජපක්ෂවරුන් අතින් සිදුවූ ජාතික අපරාධයක් ලෙස සැලකිය යුතු බවද සජබ මහලේකම්වරයා අවධාරණය කළේය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01