2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

වඳ පිරිමින්ට අලුත් බේතක්

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

 දේශපාලන වාර්තාකරු I

පුරුෂ පක්ෂයේ වඳභාවය තුරන් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන නව ප්‍රතිකාර ක්‍රමයක් සම්පාදනය කිරීමට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජෛවවේදය පිළිබඳ ආචාර්ය ස්ටීවන් වසිකුස්කු ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (බී.බී.සී) වාර්තා කර තිබේ.

 

එම පර් යේෂණ කණ්ඩායම ප්‍රකාශ කරන ආකාරයට දැනට ලොව පුරුෂ පක්ෂයේ වඳභාවය 7% ක මට්ටමේ පවතී. යෝජිත ප්‍රතිකාර ක්‍රමය වඳභාවය සහිත පුද්ගලයන් 10% කට ප්‍රතිකාර කිරීමට සෑහෙන බවද එම පර් යේෂණ කණ්ඩායම පවසයි. මෙකී නව ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට පෙර එය සායනික පර් යේෂණ සඳහා ළඟදීම යොමුකරන බවද පර් යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළ බව බී.බී.සී වාර්තාවෙහි සඳහන්ය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01