2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

සජබ ඡන්ද සන්ධානය ලබන මාසේ

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

 දේශපාලන වාර්තාකරු I

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ලබන ජනවාරි මාසයේදී තවත් විවිධ පක්ෂ 20ක් සමඟ නව දේශපාලන සන්ධානයක් ආරම්භ කරන බව ස.ජ.බ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

මෙම පක්ෂ 20 ට අමතරව තවත් පොදුජන සංවිධාන ගණනාවක්ද ස.ජ.බ ට සහයෝගය දීමට ඉදිරිපත්ව සිටින බව ප්‍රකාශ කළ මහලේකම්වරයා සන්ධානයට එක්වන සියලු පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිගන්නා දේශපාලන පක්ෂ හා සංවිධාන පමණක් තම සන්ධානයට එක්කර ගැනීමට දැනටමත් තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව ලබන ජනවාරි මාසයේ කොළඹදී උත්සවාකාරයෙන් නව සන්ධානය ආරම්භ කරන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.