2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ලිට්රෝ ගෑස් මිල රු.600/- කින් ඉහළට

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:03 107

දේශපාලන වාර්තාකරු I

ලබන මස සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 4100/- ක් දක්වා ඉහළ යනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට එම ගෑස් සිලින්ඩරය අලෙවි කෙරෙන්නේ රු. 3565/- කටය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 600/- කින් මිල වැඩිවනු ඇත.

ඊට වඩා කුඩා පරිමාණ ගෑස් සිලින්ඩර ද ඒවායේ බරට සාපේක්ෂ මිල ගණන්වලින් ඉහළ නගිනු ඇත.

මෙතෙක් කල් ගෘහස්ත ගෑස් සඳහා පනවා නොතිබූ 18% වැට් බද්ද ලබන මස 01දා සිට ගෘහස්ත ගෑස් සඳහා ද ක්‍රියාත්මක කිරීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ දමන්නට සිදුවන බව ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කළේය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01