2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ධන බද්ද කල් දමයි

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:04 222

I සංජීවිකා සමරතුංග

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කරන ලද ධන බද්ද ක්‍රියාවට නැංවීම වසර 2025 දක්වා කල් දැමෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. මෙයට පෙර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දන්වා තිබුණේ ධන බද්ද ලබන මස 2024 වසරේ සිට ක්‍රියාත්මක කරන ලෙසය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය විසින් කරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වී ඇත්තේ දැනට ලොව කිසිදු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන බවය. එනිසා මෙය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද කියා මොඩියුලයක් (ආදර්ශ සැලසුමක්) සපයන මෙන් ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල වෙත විශේෂ ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් කර තිබේ. එම මොඩියුලය ලැබීමෙන් පසු ධන බද්ද 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සලකා බැලෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.