2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කුඩා තේ වතු හිමියන්ට VAT ප්‍රහාරයක්

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:04 73

I ව්‍යාපාරික වාර්තාකරු

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන නිමි තේ සඳහා මෙම ජනවාරියේ සිට 18% ක වැට් බද්ද පනවා තිබේ. ඒ අනුව අපනයනය කරන තේ සඳහා වැට් බද්ද ගෙවීමෙන් පසු අමු තේ දලු කිලෝවකට දැනට ගෙවන මිල රු. 40/- කින් පමණ අඩුවන බව ප්‍රධාන පෙළේ තේ කම්හල් හිමියන් ගණනාවක්ම දේශයට පැවසූහ. පසුගිය සතියේ කොළඹ තේ වෙන්දේසියේ දී නිමි තේ කිලෝවක් සඳහා රු. 1400/- ක පමණ දළ මිලක් නියම විය. එවිට වැට් බද්ද නොමැති නිසා තේ කම්හල්වලට අමු තේ දලු සපයන්නන්ට අමු දලු කිලෝවකට රු. 204.75 ක මුදලක් නියම කරනු ලැබීය.

එහෙත් මෙම මස සිට නිමි තේ වලින් වැට් අය කරන බැවින් රු. 1400/- කට අලෙවි කළ කිලෝවක් සඳහා ලැබෙන්නේ රු. 1125/- ක් පමණි. ඒ හේතුවෙන් අමු දලු කිලෝවක් සඳහා ඊට පෙර ගෙවන ලද රු. 204/- ක මිල රු. 164/- දක්වා රු. 40/- කින් පමණ අඩුවෙයි.

මෙම අඩුවීම කුඩා තේ වතු හිමියන්ට මරුපහරක් වන අතර කුඩා තේ ඉඩම් හිමියන් තේ වගාවෙන් ඈත්වීමට ද හේතු විය හැකි බව තේ කම්හල් හිමියෝ පවසති.