2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ධම්මික පෙරේරා සුළු ජාතික පක්ෂ සමඟ කතා අරඹයි

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:03 253

දේශපාන වාර්තාකරු I

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා වෙතැයි අපේක්ෂා කරන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සුළු ජාතික පක්ෂ සමඟ දේශපාලන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ ගැන දේශය ධම්මික පෙරේරා මහතාගෙන් කළ විමසීමකට පිළිතුරු දුන් හෙතෙම සඳහන් කළේ තමන් මේ වන විට දෙමළ පක්ෂ දෙකක් සහ එක් මුස්ලිම් පක්ෂයක නායකයන් සමඟ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවය. එම සාකච්ඡා සාර්ථක ලෙස හමාර වූ නමුත් ඒ ගැන වැඩිදුරටත් විස්තර සඳහන් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.