ව්‍යාපාරික වාර්තාරු I
ඉන්ධන සඳහා 18% ක වැට් බද්ද පනවා තිබේ. ඊට සමගාමීව මෙතෙක් ඉන්ධන සඳහා පනවා තිබූ 7.5% වරාය හා ගුවන් තොටුපොළ බද්ද ඉවත් කොට ඇත. ඒ අනුව හෙට (2024 ජනවාරි 01දා) සිට භූමිතෙල් හැර සෙසු ඉන්ධන මිල ගණන් සියයට දහයයි දශම පහකින් (10.5%) මිල ඉහළ නගිනු ඇත. ජනවාරි 01දා සිට බලපවත්වන ඉන්ධන මිල ගණන් දළ වශයෙන් මෙසේය.
පෙට්‍රල් ඔක්ටේන් 92 වත්මන් මිල ලීටරය රු. 346/- යි, නව මිල රු. 381/- යි.
ඔක්ටේන් 95 පෙට්‍රල් වත්මන් මිල ලීටරය රු. 426/- යි, නව මිල රු. 470/- යි.
ලංකා සුදු ඩීසල් ලීටරයක වත්මන් මිල රු. 329/- යි, නව මිල රු. 363/- යි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක වත්මන් මිල රු. 434/- යි, නව මිල රු. 479/- යි.
මෙයට සාපේක්ෂව ගෑස් මිල ගණන් ද ඉහළ නගිනු ඇත. ගෑස් සඳහා ද අලුතින් 18% ක වැට් බද්ද එකතු වෙයි. එහෙත් ඊට සමගාමීව ගෑස්වලින් මෙතෙක් අය කළ 2.5% වරාය හා ගුවන් තොටුපොළ බද්ද ඉවත් කර තිබේ. ඒ අනුව ගෑස් මිල ගණන් 15.5% කින් ඉහළ නගිනු ඇත. ඒ අනුව ලිට්රෝ සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරය රු. 500/- කින් පමණ මිල වැඩිවනු ඇත. එම ගෑස් සිලින්ඩරයේ වත්මන් මිල රු. 3565/- කි.
කිලෝග්‍රෑම් 5 ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 200/- කින් පමණ ඉහළ යනු ඇතයි දැනගන්නට තිබේ. එහි වත්මන් මිල රු. 1431/- කි. කුඩාම ලිට්රෝ ගෑස් සිලින්ඩරය වන කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල වැඩි වන්නේ රු. 100/- කින් පමණ බව වාර්තාවේ. එහි වත්මන් මිල රු. 668/- කි.