2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

මැතිසබයේ ලිංගික අතවර සිද්ධියේ පැමිණිල්ල පොලිසියට

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:01 167

සංජීවිකා සමරතුංග I

පාර්ලිමේන්තුවේ සේවය කරන තරුණ කාන්තාවන් 15 දෙනකුට පමණ විවිධ ලිංගික අඩත්තේට්ටම් කළ බවට චෝදනා ලත් මැතිසබයේ සේවකයන් දෙදෙනකු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අදාළ ඉදිරි පියවර ගැනීමට පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දී ඇති උපදෙසෙහි සඳහන් වන්නේ මෙය අපරාධමය වරදක ස්වභාවය ගත් සිදුවීමක් නිසා ඊට අදාළව පියවර ගැනීමට පොලිසියට පැමිණිලි කළ යුතු බවයි.

ඒ අනුව මෙහි පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. විනය පරීක්ෂණයකින් පසුව දැනටමත් මෙම චූදිත මැතිසබා සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බවද වාර්තා වෙයි.