2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ජනතාවට බදු බර පටවා පාලකයන් සැප විඳිනවා

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

ගයාන් ගාල්ලගේ I

2024 වර්ෂය යනු ජනතාව ආලෝකයට ද නැත්නම් අන්ධකාරයට ද යන්නේ යැයි තීන්දු කරන වසරක් බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

ලබන වසර බදු බර ජනතාවට පවරා පාලකයන් සැප විඳින වසරක් බවත් එහෙත් ජනතාව වසර 75ක් තිස්සේ සිදුකළේද එය බවත් දැන් ජනතාවට අවශ්‍ය වන්නේ පාලකයන් කැපවීම් කරන ජනතාව සැප විඳින ක්‍රමයක් බවත් හෙතෙම සඳහන් කළේය.   

75 වසරක සාපය 76 වසරක් දක්වා දීර්ඝ කරන්නේ ද යන්න තීන්දු කරන්නේ මෙම ජනතාව බවද ඒ මහතා කීය.