2024 ජනවාරි 06 වන සෙනසුරාදා

මේ වසරේ ඡන්ද දෙකක්!

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 238

දේශපාලන වාර්තාකරු I

මේ වසරේ මැතිවරණ දෙකක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි. මේ බව පසුගියදා ප්‍රථම වරට අනාවරණය කළේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසිනි. සිරිකොත මන්දිරයේ පැවැති 2024 වසරේ එ.ජා.ප කටයුතු ආරම්භ කිරීමේ චාරිත්‍රානුකූල උත්සවයට එක්වෙමින් පැමිණ සිටි පිරිස ඇමතූ සාගල රත්නායක මහතා මේ වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශ කළේය.

(එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සාගල රත්නායක මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට දරුණුම අභියෝගයකට මුහුණ දුන් අවස්ථාවේ රටේ නායකත්වය භාරගෙන විශාල හැරවුමක් සිදුකරන ලද බවයි.