2024 ජනවාරි 06 වන සෙනසුරාදා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට IMF අණක්

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:03 174

 දේශපාලන වාර්තාකරු I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගවලට අදාළ රෙගුලාසි සකස් කොට මෙම ජනවාරි මස 31 දිනට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ව්‍යවස්ථා සභාවට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව අදාළ රෙගුලාසි සකස් කොට ගැසට්ටුව මුද්‍රණය කර ඇත. ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම රෙගුලාසිවලට ව්‍යවස්ථා සභාව විසින් ඉදිරි කාලයේදී කළ යුතු පත්වීම් ආදිය සිදුකරන්නේ කෙසේද? ඊට අදාළ නිර්ණායක කවරේද? යන්න ආදී කරුණු ඇතුළත් වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු ඉදිරි ණය වාරික ලබාදීම සඳහා මෙම කොන්දේසිය 31දාට පෙර ඉටුකළ යුතු වග ද දේශයට වාර්තා වෙයි. ඒ අනුව අද හෙටම මෙම රෙගුලාසිවලට අදාළ ගැසට්ටුව සකස් කොට නීතිපති අනුමැතියෙන් පසුව ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි. එහෙත් ව්‍යවස්ථා සභාවේ සිවිල් සන්ධාන නියෝජනය කරන සාමාජිකයන් 3 දෙනා මෙම රෙගුලාසි අනුමත කර නැති බවද වාර්තා වෙයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01