2024 ජනවාරි 06 වන සෙනසුරාදා

සජබ - සන්ධාන නිල සාකච්ඡා ලබන සතියේ

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

I ගයාන් ගාල්ලගේ

සමගි ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා එළඹෙන සතියේ සිට නිල වශයෙන් සිදුකරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. පොහොට්ටුවේ කණ්ඩායම් දෙකක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සහ සුළු පක්ෂ සමඟ මෙම සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත. ඒ සඳහා ස.ජ.බ. ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු පත්කර ඇතැයි ද හෙතෙම පැවසීය.