2024 ජනවාරි 13 වන සෙනසුරාදා

විදුලි බිලේ අණ්ඩරයක්

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 12:04 54

සංජීවිකා සමරතුංග I

ලංකා විදුලිබල මණ්ඩලය ඇතැම් පාරිභෝගිකයන්ට මාසිකව නිකුත් කරන විදුලි බිල්පතෙහි පාරිභෝගිකයා විසින් දැනගත යුතු අත්‍යවශ්‍ය තොරතුරු කිසිවක් සඳහන් නොවීම නිසා පාරිභෝගිකයන් බරපතළ පීඩාවකට පත්ව ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දේශයට කරුණු දැක්වූ පාරිභෝගිකයන් කිහිප දෙනකු සඳහන් කළේ තමන්ගේ ජංගම දුරකථනයට පසුගිය මස එවන ලද විදුලි බිල්පතෙහි භාවිත කරන ලද විදුලි ඒකක ගණන, එය අදාළ වන මාසය, එහි හිඟ මුදල් ඇතුළත් වේද, එය රතු නිවේදනයක් සහිත බිල්පතක් ද ආදී කිසිදු තොරතුරුත් ඇතුළත් නොවන බවයි.

මේ නිසා විදුලිබල මණ්ඩලය එවන එවැනි අවිධිමත් බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තුළ බරපතළ සැකයක් හටගෙන ඇතැයි ද අප වෙත කරුණු දැක්වූ පාරිභෝගිකයෝ පැවසූහ.

මේ අවිධිමත් බිල්පත් සම්බන්ධව විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවලින් විමසූ පසු එහි බලධරයන් සඳහන් කර ඇත්තේ දැනට බිල්පත් නිකුත් කරන්නේ ඒ ආකාරයට බවය. මෙය පාරිභෝගිකයන් වෙත කරන බරපතළ අසාධාරණයක් වන බැවින් ඉදිරියේදී මෙවැනි බිල්පත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් අපේක්ෂා කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01