2024 ජනවාරි 20 වන සෙනසුරාදා

නව වේත්‍රධාරී කුෂාන් ජයරත්න

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම මස අවසානයේදී විශ්‍රාම ලැබීමට නියමිතය. ඔහු විශ්‍රාම ලැබීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පත්කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

කුෂාන් ජයරත්න මහතා වේත්‍රධාරී තනතුරට පත්වීමෙන් ඇතිවන නියෝජ්‍ය වේත්‍රධාරී පුරප්පාඩුව සඳහා සහකාර වේත්‍රධාරී අචින්ත  කුරේ මහතා පත්වීමට නියමිත බවද දැනගන්නට තිබේ.

ඒ සමඟ නව සහකාර වේත්‍රධාරීවරයකු බඳවා ගැනීමට ඉදිරි මාසයේදී අයැදුම්පත් කැඳවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.