2024 ජනවාරි 20 වන සෙනසුරාදා

වීසාව වෙනස් වෙයි: පී.ආර්. එකත් දෙයි

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

දැනට වීසා ක්‍රමයේ පවතින සංකීර්ණ භාවය අවම කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය  මහතා සඳහන් කරයි.

මෙතෙක් විදේශයක සිටින පුද්ගලයකුට වීසාවක් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවට පැමිණ එය ලබාගැනීමට සිදු වූ අතර සංචාරක වීසාවක් නම් ලංකාවට පැමිණ මසක කාලයක් ගත කිරීමෙන් පසු එය දීර්ඝ කරගත යුතු විය. නව ක්‍රමවේදය අනුව විදේශවල සිටම අදාළ සම්පූර්ණ කාලය සඳහා වීසා ලබාගත හැකිවේ. ඊට අමතරව තවත් නව වීසා ක්‍රමවේද ගණනාවක් හඳුන්වා දී ඇති අතර, මාර්ගගත තාක්ෂණය ඔස්සේ සේවය කරන පිරිසට ශ්‍රී ලංකාවේ නේවාසිකව සේවය කිරීම සඳහා නොමැඩ් නමින් නව වීසා ක්‍රමවේදයක්ද, ආයෝජකයන්ට වසර 10 පවා කාලයක් සඳහා වීසා ලබා ගැනීමට අවශ්‍ය පහසුකම්ද සකස් කර ඇත. 

ඉදිරියේදී ජීවිත කාලය පුරා ශ්‍රී ලංකාවේ වාසය කිරීම සඳහා නිත්‍යවාස වීසාවක් (permanent resident) ලබා දීමටද පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01