2024 ජනවාරි 27 වන සෙනසුරාදා

දේශයට සම්මාන දෙකක්....

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

සංජීවිකාට PRIDE OF THE NATION සම්මානය

පුරා දශක දෙකක කාලයක් තිස්සේ පුවත්පත් කලාවට සහ ග්‍රන්ථකරණය විෂයෙහි දැක්වූ ප්‍රතිභාව වෙනුවෙන් 2024 වසරේ PRIDE OF THE NATION සම්මානය දේශය පුවත්පතේ විශේෂාංග කර්තෘ සංජීවිකා සමරතුංග මෙනෙවියට පිරිනැමුණි.පසුගියදා කොළඹ රමාඩා හෝටලයේ පැවති මෙම සම්මාන උළෙල සංවිධානය කළේ First Light සංවිධානය විසිනි. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ වෘත්තිකයන් කලාකරුවන් ආගමික නායකයන් මෙම සම්මානලාභීන් අතර වූහ.

(සේයාරුව - නිමල්සිරි එදිරසිංහ)

අසංග ඉඳුනිල්ට පැෆ්රල් සම්මාන

පැෆ්රල් සංවිධානය විසින් ''ප්‍රජාතන්ත්‍රවාදය අපේ භාෂාවෙන්'' මැයෙන් පවත්වනු ලැබූ සමාජ මාධ්‍ය තරගයේ ජයග්‍රාහකයන් හට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බෝනී හෝර්බා(ක්) මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, පැෆ්රල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වූහ. එහිදී නිර්මාණාත්මක කාටූනයට හිමි සම්මානය හිමිකරගත් දේශය පුවත්පතේ කාටූන් ශිල්පී අසංග ඉඳුනිල් වීරසේකර එම සම්මානය ලබාගත් අවස්ථාව.