2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ජනපති රනිල් ඉන්දීය විදේශ ඇමැති හමුවෙයි

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

දේශපාලන වාර්තාකරු I

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මුණගැසීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණගැසුණු බව දේශයට වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ විදේශ අමාත්‍යවරයා අතර හමුව සිදුවූයේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවැත්වෙන ඉන්දු ලංකා පදනමේ වාර්ෂික සමුළුවේදීය. ඒ සඳහා ඉන්දීය රජය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් ආරාධනා කර තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙම සමුළුවට විදේශ අමාත්‍ය අලි සබ්රි, විදේශ ලේකම් අරුණි විජේවර්ධන ඇතුළු පිරිසක් එක්වූහ.