2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

’ටින්’ අංකයේ ලොකු අවුලක්

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:03 271

දේශපාලන වාර්තාකරු I

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති අය වෙතද අලුතෙන් “ටින්” අංක නිකුත් කිරීමට පටන් ගැනීම නිසා බදු ගෙවන්නන් බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින බව දේශයට වාර්තා වෙයි.

 

මෙලෙස එක් පුද්ගලයකුට බදු ලියාපදිංචි අංක 2ක් නිකුත් කිරීමේ අරමුණ කුමක්දැයි මෙලෙස බදු අංක දෙකක් ලැබුණු බදු ගෙවන්නෝ ප්‍රශ්න කරති. එසේ ලැබුණු ''ටින්'' අංකය අනුව බදු වාර්තා සැපයීම සිදු කළ යුත්තේ ඉලෙක්ට්‍රොනිකව මාර්ගගත ක්‍රමයට බවට උපදෙස් ලබා දී ඇත.

මෙරට දුගී දුප්පත් ජනතාවට මෙවැනි මාර්ගගත (online) පහසුකම් හෝ අදාළ තාක්ෂණික දැනුම නොමැති නිසා මෙම බදු අයකිරීමේ ක්‍රමය බරපතළ ප්‍රශ්න ඇති කරවන බවද බදු ගෙවන්නෝ පවසති. මෙහි වඩාත්ම හාස්‍යජනක තත්ත්වය වන්නේ වයස අවුරුදු 18ට වැඩි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අස්වැසුම හා සමෘද්ධිලාභීන් වැනි අයටත් ''ටින්'' අංක නිකුත් කිරීමට හැකියාව පැවතීම බවද වාර්තා වෙයි.