දේශපාලන වාර්තාකරු I
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි. පසුගියදා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස නිර්දේශ කළ විනිසුරුවරයාගේ පත්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජනාධිපති කාර්යාලය සහ ව්‍යවස්ථා සභාව අතර උග්‍ර මත ගැටුමක් හටගැනුණි.
මේ පිළිබඳව පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ අගවිනිසුරුවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්කරන ලෙස තමන් වෙත නිර්දේශ කරන ලද අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම ප්‍රතික්ෂේප කිරීම වැරදි සහගත බවය.
ඒ සමඟ මෙම නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පක්ෂව ඡන්දය දුන් ව්‍යවස්ථා සභා සාමාජිකයන් ඒ සඳහා පදනම් කරගත් හේතුද ජනාධිපති කාර්යාලය විසින් විමර්ශනය කරන ලද බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
කෙසේ හෝ මෙම මතගැටුම දුරදිග යාමෙන් පසු ඒ සම්බන්ධව මැතිසබයට යෝජනාවක් ගෙන ඒමටත් අවශ්‍ය වුවහොත් ව්‍යවස්ථා සභාවේ ක්‍රියා පටිපාටි විමර්ශනය කිරීමට තේරීම් කාරක සභාවක් පත්කිරීමට පවා ඉඩ ඇති බවත් මේ සම්බන්ධයෙන් දේශයට ප්‍රකාශයක් කළ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.