I සංජීවිකා සමරතුංග
හැමදාම තමන්ගේ නැතිවාදම කියන මෙරට එක්තරා දේශපාලන ලොක්කෙක් ඉන්නවා. මුන්නැහේ ලොක්කෙක් කිව්වට එසේ මෙසේ ලොක්කෙක් නෙවෙයි. රටේ ලොකුම පුටු රැසක වාඩිවෙලා ඉඳලා දැන් ටිකක් පොඩි පුටුවක වාඩිවෙලා ඉන්න කෙනෙක්...
ඈත පළාතක් නියෝජනය කරන මුන්නැහේ කොපමණ අතමිට නැතැයි කිව්වත් පසුගිය දවසක අපූරු ගනුදෙනුවක් කළ බව ආරංචියි. ඒ ගනුදෙනුවේ හැටියට මුන්නැහේට අයිතිව තිබෙන රුපියල් කෝටි සිය ගණනක මුදලක් රටේ එක්තරා පිළිගත් මූල්‍ය ආයතනයක තැන්පත් කරලා තියෙනවා.
මේ ගනුදෙනුව මෙහෙයවලා තියෙන්නෙ උන්නැහේ බලවත් කාලෙ තමන්ගේ ලේකම් හැටියට ඉඳලා විශ්‍රාම ගත්ත රජයේ සේවයේ හිටපු සෙනෙවියෙක් කියලත් ආරංචියි.
මේ කතාව පසුගිය දවසක මුලින්ම එළියට ආවේ මුන්නැහේලා එක්ක ඒ තරම් ඇයිහොඳයිකම් නොකියන එයාගෙම නෑදෑ කෙනකුගෙන්ලු. අතේ සතේ නැතේ කියන මේ නායකතුමා එක්තරා ප්‍රබල පක්ෂයකත් නායකයෙක්ලු.
දැනට ඊට වඩා තොරතුරු කියන්න අමාරුයි.