2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඡන්දයක් එනතුරු සජබ සන්ධානය කල් යයි

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

ගයාන් ගාල්ලගේ I

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කැඳවන තෙක් සමගි ජනබල සන්ධානය පිහිටුවීම කල් දමා ඇති බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

එම සන්ධානයට එක්වීම සඳහා කැමැත්ත පළ කර ඇති පක්ෂ සහ සංවිධානවල එකඟත්වය පරිදි එලෙස කල් දමා තිබේ.

සමගි ජනබල සන්ධානය සඳහා අවශ්‍ය මූලික ආරම්භය පසුගියදා වතුකර ජනතාව නියෝජනය කරන පක්ෂ සමඟ සන්ධානගත වීමෙන් ආරම්භ කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.