2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

අලි මිනිස් ගැටුමේ හැමදාම මරණයක් - බී.බී.සීය කියයි

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

I සංජීවිකා සමරතුංග

2023 වසරේ මෙරට අලි ඇතුන්ගේ ප්‍රහාරවලින් මියගිය මිනිසුන් ගණන 176 කි. ඒ සමඟ අලි ඇතුන් 470ක්ද 2023 වසර තුළ ජීවිතක්ෂයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ (බී.බී.සි) නවතම වාර්තාවක දැක්වෙයි.

ගිය වසරේ සෑම දින දෙකකට වරක්ම අලි මිනිස් ගැටුමෙන් මිනිස් මරණයක් සිදුවිය. එසේම සෑම දිනකදීම එක් අලියකු හෝ ඇතකුට වඩා මරණයට පත්ව ඇති බවද බී.බී.සී වාර්තාව පෙන්වා දෙයි.

මෙලෙස මරණයට පත්වන අලි ඇතුන්ගෙන් 50% ක්ම මිය යන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. ඉතිරි අය මරණයට පත්වන්නේ ලෙඩරෝග ආදී ස්වභාවික හේතු නිසා යැයි බී.බී.සිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.