2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

හැම පවුලකටම ලක්ෂ ගාණක් පාඩු විඳින්න වෙලා - චම්පික රණවක

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:01 67

I ගයාන් ගාල්ලගේ

හතර දෙනකුගෙන් යුත් සෑම පවුලකටම ආදායම මාසිකව ලක්ෂ 8ක පාඩුවක් විඳින්නට සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

2021 සිට 2023 දක්වා එය අඛණ්ඩව සිදුවී ඇතත් එක් අයකු මාසිකව ලක්ෂ 2කින් පාඩු ලබන බවත් හෙතෙම සඳහන් කළේය. එම පාඩුව එක් පැත්තකින් ආදායම ලක්ෂයකින් අඩුවීම සහ තවත් පැත්තකින් ලක්ෂයක බදු ගෙවීම බව හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙම තත්ත්වය ලබන වසර වන විට ඉහළ යා හැකි බවද චම්පික රණවක මහතා සඳහන් කළේය.