සංජීවිකා සමරතුංග I
තීරණාත්මක විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන මස (මාර්තු මස) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔවුන් මෙයට පෙර ශ්‍රී ලංකාව ලබාදුන් ආර්ථික ඉලක්ක සපුරා ඇත්ද යන්න එහිදී විමර්ශනය කෙරේ.
විශේෂයෙන්ම රජයේ ආදායම් ඉලක්ක සපුරා ඇති ආකාරය ගැන විශේෂ සොයා බැලීමක් මූල්‍ය අරමුදල විසින් සිදු කරනු ඇතැයි දැනගන්නට ඇත.
පසුගිය වර මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් විමර්ශනය කළ අයි.එම්.එෆ්. නියෝජිතයෝ දේපළ බද්ද, ඉඩම් බද්ද වැනි නව බදු කඩිනමින් ක්‍රියාත්මක කර ආදායම් ඉලක්ක සපුරාගත යුතු බව අවධාරණය කළෝය.
කෙසේ වෙතත් ලබන ජූනි මාසයේදී අයි.එම්.එෆ්. ආයතනයෙන් ශ්‍රී ලංකාවට හිමිවන තුන්වැනි ණය වාරිකය ලබාදීමට නම් මූල්‍ය අරමුදල මෙයට පෙර නිර්දේශ සපුරා තිබිය යුතු බව ප්‍රකාශ කර තිබුණි. එම ඉලක්ක විධිමත් ලෙස සපුරා ගතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක තුන්වැනි ණය වාරිකය නිදහස් කෙරෙනු ඇති බව සඳහන්ය.