දේශපාලන වාර්තාකරු I
සමගි ජනබලවේගයේ තනතුරු දරන්නන් කිසිවකු හෝ ඉවත් කිරීමට පක්ෂය තීරණය කර නැතැයි සමගි ජනබලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සජබ සභාපති ධූරය දරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටලුව ගැන දේශය විසින් ප්‍රශ්න කරන ලද අවස්ථාවේදීය. පක්ෂයේ පවත්නා විනය නීති රීති අනුව යම් පක්ෂ සාමාජිකයකු පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කරමින් හැසිරීම අයෝග්‍ය බවද එම විනය නීති රීති සැමටම පොදු බවද ඔහු සඳහන් කළේය.