2024 මාර්තු 02 වන සෙනසුරාදා

රට රස්සාවලට යන කතුන්ට අලුත් නීතියක්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

ගයාන් ගාල්ලගේ I

වයස අවුරුදු 5 ට වඩා අඩු දරු දැරියන් මෙරට තනිකොට විදේශ රැකියා සඳහා කාන්තාවන් විදේශ ගතවීම වැළැක්වීමට අදාළව අලුත් නීතියක් හඳුන්වා දීමට රජය තීන්දු කර තිබේ.

අවුරුදු 2 ට වැඩි දරුවන්  දමා විදෙස් ගතවීමට පසුගිය කාලයේ හැකිවුණත් දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමුකර එම වයස අවුරුදු 5 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් එම නීතිය හඳුන්වා දීමට නියමිතව ඇත.