2024 මාර්තු 02 වන සෙනසුරාදා

ඩුබායි රටේ ගල් වූ පාතාලය පොලිසියෙන් හොල්ලයි

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

I ගයාන් ගාල්ලගේ

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට පාතාලය මෙහෙයවන පුද්ගලයන් සැඟව සිටින ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන, එරට පොලිසියට ලබා දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරටට පිටුවහල් කර ගැනීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

මෙරටට අවශ්‍ය කරන අපරාධකරුවන් ලැයිස්තුවක් එරට පොලිසියට ලබා දී ඇති අතර එහෙත් ඔවුන් ඉන්නා තැන් නොදන්නා නිසා ඔත්තුකරුවන් හරහා විස්තර ලබාගෙන එම ස්ථාන වෙත එරට පොලිසිය යොමුකර පාතාලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් පසුගියදා පාතාලය විසින් ලබාදුන් ඔත්තුවක් මත මන්නා රමේෂ් ඩුබායිහි පොලිසියට කොටුවිය.