දේශපාලන වාර්තාකරු I
මාර්ගගත සුරක්ෂිතතා පනත හෙවත් online පනතේ සංශෝධන 47ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන සති තුනක් ගතවී ඇතත් මේ දක්වා අදාළ සංශෝධන ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
සාමාන්‍යයෙන් මෙවන් කාරණයක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද සැණින් එම සංශෝධන ගැසට් කිරීම පිළිගත් ක්‍රමවේදයයි.
එහෙත් මෙතෙක් එම සංශෝධනවලට අදාළ අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදකගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත නොලැබීම නිසා ගැසට් කිරීම ප්‍රමාද වන බව දැනගන්නට තිබේ.
සම්මත ක්‍රමය අනුව යම් පනතකට අදාළ සංශෝධන ගැසට් මගින් ප්‍රකාශ කොට දින 7කින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
මාර්ගගත සුරක්ෂිතතා පනත සංශෝධනයට රජය තීන්දු කළේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඊට එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගනිමිනි.