2024 මාර්තු 09 වන සෙනසුරාදා

මහ ගෙදරටම යයි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

I සංජීවිකා සමරතුංග

පසුගිය කාලෙ ආණ්ඩුවේ ඉහළම තැනකට කිට්ටු වෙච්ච රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තුරු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නම සේවය කරන්නෙ එකම අමාත්‍යංශයේ නිසා දෙන්නා අතරේ සෑහෙන හුටපට ඇතිවුණාලු. 

මේ රාජ්‍ය මට්ටමේ දෙන්නම එක්කෙනකුට එක්කෙනෙක් දෙවැනි නොවෙන්න වැඩ කරන අය. එක්කෙනකුට භාෂා දෙකම පුළුවන්ලු. අනෙක් එක්කෙනාට එහෙම බැහැලු.  පසුගිය කාලෙ මේ දෙන්නා අතරේ ඇතිවුණු ප්‍රශ්න ගැන රටේ ඉහළම තැන් පවා හොඳටම දැනගෙන හිටියා. ඒත් කරුමෙකට මේ ඉහළම තැන්වල අතහිත සහ පිළිගැනීම ලැබුණේ රුවන් වගේ වැල්ලක් තියෙන පළාතකින් එන රාජ්‍ය ඇමැති කෙනෙක්ටලු.ඒ හින්දා රජ-රටකින් ආපු අනෙක් රාජ්‍ය මට්ටමේ ඇමැති තැන අප්සෙට් ගිහිල්ලා ඉහළ තැන්වලට ආවැඩිල්ල නවත්වලා දැන් පරණ මහගෙදර පැත්තටම ආපහු යන්නටත් පටන් අරන්ලු.