2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ආණ්ඩුවේ කනින් රිංගන වැට් බදු වංචනිකයෝ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

 දේශපාලන වාර්තාකරු I

තාවකාලික ආනයන බලපත්‍ර මත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ඉඩ දීමෙන් රටට විශාල වශයෙන් බදු ආදායම අහිමිවන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.

මෙරටට භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර වර්ග දෙකක් රජය ලබා දෙයි. එයින් 25/25 යනුවෙන් හඳුන්වන්නේ තාවකාලික ආනයන බලපත්‍ර ක්‍රමයයි.

මෙම බලපත්‍ර යටතේ රුපියල් කෝටි 6ක වටිනාකමට වඩා භාණ්ඩ ආනයනය කළහොත් වැට් බදු ගෙවීමට සිදුවන නිසා එක් තැනැත්තකු විවිධ නම් සහ ලිපින යොදාගෙන රුපියල් කෝටි 6ට වඩා අඩුවෙන් ආනයන කටයුතු කිරීමෙන් රජයට හිමිවිය යුතු වැට් බදු ආදායම නොගෙවා සිටීමට අවස්ථාව උදා කර ගනී. එසේම මෙලෙස ආනයනය කරන භාණ්ඩවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දරන්නට ආනයනකරු බැඳී නොසිටියි. එබැවින් බදු අහිමිවීමත් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රටට ගලා ඒමත් සිදුවීම බරපතළ ප්‍රශ්නයක් බව රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.